පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති
අනුගමනය කිරීම අනිවාර්ය වේ
.නිළ ඇඳුම - බාලක
-
- අත් කොට සුදු කමිසය සෑම සිසුවෙක් ම ඇඳිය යුතු අතර ,කමීසයේ අත වැලමිටෙන්
කමීසය අඟලක් ඉහළට තිබිය යුතුය.අනවශ්‍ය ලෙස විශාල ලෙස විශාල(බැගී) නොවිය යුතුය.
- කමිසයේ වම් පසට වන සේ එක් සාක්කුවක් පමණක් තිබිය යුතු අතර එහි බොත්තම්
හෝ රැලි නොතිබිය යුතුය.
- කමිස සාක්කුවේ දකුණු කෙළවර උඩ විද්‍යාලයීය නිල ලාංඡනය ස්ථීර ලෙස මසා තිබිය යුතුය.
- අත් දිග කමිස සහ ටයි පටිය පැළදිය යුත්තේ පාසල් ශිෂ්‍ය නායකයින් පමණි.
කලිසම
- දිගු කලිසම් ඇදිය යුතු වන්නේ 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට පමණි.
- කලිසමේ වාටිය (පෝල්ට්) අඟල් 16ක් විය යුතුය.
- කලිසමේ පිටුපස එක් සාක්කුවක් පමණක් තිබිය යුතුය.කලිසමේ බෑන්ඩ් එක අඟල් 1.5 කට
නොවැඩි විය යුතු අතර ලුප්ස් නොදැමිය යුතුය.
- ඇඟට තදවන සේ (ටයිට්) කරන ලද හෝ ප්‍රමාණයට වඩා විශාල (බැගී) ඇඳුම් ඇදීමට අවසර දෙනු නොලැබේ.
- 9 ශ්‍රේණිය හා පහළ සිසුන් නිල් කොට කලිසම ඇඳිය යුතුය.එහි උස ප්‍රමාණය දණහිසට අඟල් තුනක් පමණ ඉහළින් විය යුතුය.
- කලිසමේ පිටුපස දකුණු පැත්තේ එක් සාක්කුවක් පමණක් තිබිය යුතු අතර එයට පියනක් සවි නොකල යුතුය.එක් බොත්තමක් පමණක් ඇල්ලිය හැකිය.
- ප්‍රාථමික අංශය හැර ඉනට ඉලාස්ටික් පටි නොඇල්ලීය යුතුය.
- කලිසම ඉදිරිපස පටි නොඇල්ලිය යුතුය.
- කලිසම ඇදීමේදී එහි ඉණ නාභිය දක්වා උසින් විය යුතුය.(කමිසයේ බොත්තම් 4ක් පෙනෙන සේ)
යට ඇඳුම
- යටට අදින බැනියම් සුදු පාටින් අත් කොට බැනියම් විය යුතුය.
සපත්තු සහ මේස්
- ලේස් දමා ගැට ගැසිය හැකි කළු පාවහන් පමණක් පැලදිය යුතුය.
- කළු මේස් පමණක් පැලදිය යුතුය.කළු සපත්තුවට වෙනස් කිසිඳු වර්ණ පළඳනාවක් ලෝහ ලාංඡන හා ගාංචු නොතිබිය යුතුය.
- පහත සඳහන් සපත්තු බාවිතය තහනම් වේ.
- සපත්තුව ඉදිරියෙන් ඉහළට නැමී තිබීම.
- සපත්තු ඉදිරියෙන් උල්ව තිබීම.
- සපත්තුවේ විලුඹ පිහිටන ස්තානය අඟල් 1ට වඩා උසින් වැඩි වීම.
- සපත්තු මත රටා තිබීම.
හිස පිරීම
- හිස පිරීම සහ රැවුල් කැපීම.
- කොණ්ඩය පිරීමට හැකි වන සේ කොටට කපා පැත්තට පීරා තිබිය යුතුය.
- හිසකෙස් නළනට නොවැටෙන සේ කොටට කැපිය යුතු අතර කන දෙපස හිසකෙස් (සයිඩ් බම්ස්) කනේ හරි මැදට වඩා දික් නොවිය යුතුය.
- ක්‍රීම් ආලේපන,ජෙල් ආදිය යොදා කොණ්ඩය සකස් නොකළ යුතුය.
- හිසකෙස් වර්ණ ගැන්වීමට අවසර නොමැත.
- හිස පිරීම සඳහා තෙල් ගැල්විය හැකි අතර එය හිසට ප්‍රමාණවත් පරිදි පමණක් විය යුතුය.
- අත් කොට සුදු කමිසය සෑම සිසුවෙක් ම ඇඳිය යුතු අතර ,කමීසයේ අත වැලමිටෙන්
නිළ ඇඳුම - බාලිකා
ගවුම
- නියමිත පරිදි කර වැසෙන සේ කොළරය යොදා තිබිය යුතුය.
- එහි පළල පිටුපසට නැමූ විට අඟල් 1,1/2 ක් විය යුතුය.
- රැලි 4ක් යොදා තිබිය යුතුය.
- සිටගත් විට ගවුමේ උස දණහිස සම්පූර්ණයෙන් වැසෙන සේ විය යුතුය.
- ඉදිරිපස විවරය අඟල් 4ක් විය යුතුය.විවරය ටික් අල්ලා පියවීම කළ යුතුය.
- ඉන නිවැරදි ස්ථානයේ පිහිටිය යුතු අතර දල වශයෙන් අත දිග හැරිය විට අතේ
ඉදිරි දාරය තෙක් විය යුතුය.
- ඉන පටිය අඟල් 1,1/2 ක් පළල විය යුතුය.එය පිටුපසින් ගවුමට සම්බන්ධ කොට
ලිහිල්ව නොසිටින අයුරින් ටික් අල්ලා පියවීම කළ යුතුය.
- අතේ ඉදිරිපස නැමුම් දාරය ආසන්න වශයෙන් ඉන පටියේ මැද හා සමපාත විය යුතුය.
- ඉන පටිය ඉනේ වට ප්‍රමාණයට සරිලන දිගින් පමණක් විය යුතුය.
- ගවුමේ වාටියේ පළල ආසන්න වශයෙන් අඟල් 2,1/2ක් විය යුතුය.
- ගවුමේ අත වැලමිටේ සිට අඟල් 04ක් පමණ ඉහළින් තිබිය යුතුය.අතේ වාටිය පිටතට නවා මැසීම නොකළ යුතුය.ගවුමේ අතෙහි උරහිස මත රැලි නොතැබිය යුතුය.අත් කට තදට නොතිබිය යුතුය.
- ආසන්න වශයෙන් අතේ වාටිය අඟල් ¾ක් විය යුතුය.
- ටයිපටිය ගැට ගැසූ පසු ඉනේ සිට අඟල් ¾ක් විය යුතුය.
- ටයිපටිය ගැට ගැසු පසු ඉනේ සිට අඟල් 5ක් පහළට එහි තුඩ පිහිටිය යුතුය.ටයි පටියේ ඉතිරි කොටස එහා මෙහා නොයන සේ කුඩා කටුවකින් යට පටියේ දිග කොටසට සවි කර තිබිය යුතුය.
- කුඩා කරාබු දෙකක් හැර වෙනත් ආභරණ පැළදීමට ඉඩ නොලැබේ.
යට ඇඳුම්
- උඩ ගවුමේ යට නැවුම් වාටියේ උඩ දාරයට වඩා දික් නොවන සුදු පාට විය යුතුය.
සපත්තු හා මේස්
- සුදු සපත්තු සමඟ සුදු මේස් (පාට ඉරි රහිත) පැළදිය යුතුය.
- උස අඩි සහිත විසිතුරු පාවහන් පැලැදීමට ඉඩ දෙනු නොලැබේ.
- මේස් එක දෙවරක් නැමිය යුතුය.
- තුවාලයක් ඇති විටදී පමණක් කළුපාට පිරිසිදු රබර් සෙරප්පු පැලැඳීමට ඉඩ දෙනු ලැබේ.තුවාලයට බෙහෙත් දමා තිබිය යුතුය.
හිස පිරීම
- දිග කොණ්ඩය මැදින් බෙදා කරල් දෙකට ගෙතාය යුතුය.පහළ කෙළවරින් නවා කළුපාට රිබන් පටිවලින් ගැට ගැසිය යුතුය.
- කොණ්ඩය ඉදිරිපසින් කොටට කපා අක්‍රමවත්ව අවුල් කර තිබීම නොකළ යුතුය.
- කුඩා කොට කොණ්ඩ ක්‍රමවත්ව කපා පැත්තකින් බෙදා තිබිය යුතුය.
- අවශ්‍යනම් කළුපාට කොණ්ඩ කටු භාවිතා කල හැකිය.
- කොන්ඩය කපන සිසුවියන් ගවුම් කොළරයේ නොගෑවෙන සේ කොන්ඩය කපා තිබිය යුතුය.
- නැතහොත් තුඩා පෝනිටේල් දෙකක් සිටින සේ කළු රිබන් පටි වලින් ගැට ගැසිය යුතුය.(වර්ණවත් කොණ්ඩ කටු බෑන්ඩ් වර්ග ආදිය දැමීම නොකළ යුතුය).