ගගන තලාවේ පෑයූ සඳ සේ
සිසුකොඳ පිබිදූ රන් ආලෝකේ
හාලිඇල ජාතික පාසල් මාතා
සැරදේ වොරැදේ ලැබ බැති පූජා...
නුවණැස පාදා නැණ බල සාදා
යහගුණ දහමට දිවිමග මෙහෙයා
රටදැය උදෙසා සිසු කැල සකසා
සළසන සේවේ අමරණීය වේ...
සිසිලස ලදුයේ දුරදිග දුටුයේ
ඔබගෙනි මනුබව ඵලබර වූයේ
ඔබෙ පැතුමන් හැම ඔබෙ අදිටන් හැම
මල්ඵල ගන්වමු අපි ඔබ සනසා...